තාක්ශනවේදය විෂය පිලිබඳ විස්තරය


 



උසස්‌ පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් වන්නේ මේ දිනවල ය. උසස්‌ පෙළ විෂය ධාරා සංඛ්‍යාව ද මේ වන විට වැඩි වී තිබේ. ඒ…. අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂණවේදය විෂය ධාරාව ද නිසා ය.


අනවබෝධයෙන් විෂයයන් තෝරා ගැනීම නිසා සිසුන්ට අපහසුතාවට පමණක්‌ නොව අසාධාරණයට ලක්‌ වීමට ද සිදු වෙයි. එහෙයින් ඒ ඒ විෂයධාරා සඳහා තෝරා ගැනීමේ දී සිසුන් දැඩි ලෙස සැලකිලිමත් වීම අවශ්‍ය ය. මෙම ලිපිය පළ කෙරෙන්නේ උසස්‌ පෙළ සිසුන් රැසකගේ ඉල්ලීමකට අනුව ය.

උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව අරමුණු,

  • පවතින රැකියා වෙළඳපොල ඉල්ලුමට සරිලන විද්‍යාර්ථින් උසස් අධ්‍යාපනය තුළින් බිහි කිරීම.
  • එදිනෙදා ජිවිතයට ප්‍රයෝජනවත්වන තාක්ෂ‍ණික කුසලතා සිසුන්ට ලබා දීම.
  • තාත්වික ලෝකයේ ගැටළුවලට තාක්ෂණික විසදුම් සෙවිමේ හැකියා සිසුන් තුළ වර්ධනය කිරීම.
  • ශ්‍රම වෙළඳපොලට ගැළපෙන කුසලතා සිසුන් තුළ වර්ධනය කිරීම.
  • ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවට අනුව වෘත්තීය අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කිරීම.

තාක්ෂණවේදය විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස.(සා.පෙළ) අවම සුදුසුකම්,

අ.පො.ස.(සා.පෙළ) මාධ්‍ය භාෂාව හා ගණිතය, විද්‍යාව ඇතුළු හර විෂයන් 06 කින් සමත්විය යුතු අතර ඉන් අවම වශයෙන් විෂයන් 3 කට සම්මාන ලබා තිබීම. විවිධ පාසල් වල සිසුන් ඇතුලත් කර ගැනිම වෙනස්විය හැක.

තාක්ෂණවේදය විෂය ධාරාවේ ව්‍යුහය,

උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා විෂයන් 3ක් තොරා ගත යුතුය.ඉහත විෂයන්ගෙන් 1 කොටසද, 2 කොටසින් එකක් ද, 3 කොටසින් එකක් ද, වශයෙන් විෂයය තෝරාගත යුතුය. 

1. තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාවප්‍රධාන විෂයක් ලෙස අනිවාර්යෙන් හැදෑරිය යුතුය.
2. ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගත යුතුය.
3. තෙවන විෂය වශයෙන් විෂයන් 10ක් ඇතුළත් වන අතර ඉන් එක් විෂයක් තෝරා ගත යුතුය. ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, චිත්‍ර කලා, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් වේ.

technical සඳහා පින්තුර ප්‍රතිඵල

තාක්ෂණවේදය විෂය නිර්දේශය.

විෂය අන්තර්ගතයන්,

තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව
ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව රසායන විද්‍යාව, අමුද්‍රව්‍ය හා කර්මාන්ත, ප්ලාස්ටික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය, සෙරමික්- වීදුරු හා නැනෝ තාක්ෂණය හැඳින්වීම, කාර්මික රසායන විද්‍යාව හා ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත, මූලික ගණිත සිද්ධාන්ත පුනරීක්ෂණ, ත්‍රිකෝණමිතිය, ජ්‍යාමිතිය, මූලික කලනය, විස්තරාත්මක සංඛ්‍යානය, දෛශික හැඳින්වීම, බලය, දෘඩ වස්තුවල සමතුලිතය, ව්‍යාවර්තනය, පීඩනය, නිව්ටන්ගේ නියම, ගුරුත්වාකර්ෂණය, භ්‍රමණ චලිතය, පරිගණක මෘදුකාංග යෙදවුම්, අන්තර් ජාල/ඊ මේල්, දෘඩාංග පිළිබඳ මූලධර්ම, මූලික මෙහෙයුම් පද්ධතිය හා මෙහෙයවීම, අමුද්‍රව්‍යවල ගුණ, තරල ගුණ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විද්‍යුත් චුම්බකත්වය,තාපය, තරංග යන කොටස් මෙම විෂයේ අන්තර්ගතයන් වෙයි.

ඉංජිනේරු තාක්ෂණවේදය
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය යටතට,

සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජි‍නේරු, විදුලි ඉංජිනේරු යන විෂයන් අයත් වෙනවා. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණය, මූලික මෝටර් යාන්ත්‍ර විද්‍යාව, මූලික විදුලි තාක්ෂණය සහ නිවාස වයරින් කිරීම, මූලික ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණවේදය, මූලික නිෂ්පාදන තාක්ෂණය එකලස් කිරීමේ ශිල්ප ක්‍රම, යාන්ත්‍රික ඇඳීම, ඒකක හා මිනුම්, චලනය හා බල සම්ප්‍රේෂණ අංග, තාක්ෂණික කටයුතුවලදී සෞඛ්‍යය හා ආරක්ෂාව, විද්‍යුත් යන්ත්‍ර හා බල පද්ධති, මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භාවිතය, ගෘහස්ත ජල සම්පාදනය හා ස්වස්ථතාව (සනීපාරක්ෂාව), තරල යන්ත්‍ර, ඉංජිනේරු සම්මත (ප්‍රමිති) බිම් මැනුම්, ඇස්තමේන්තු (නිර්මානය කිරීම හා සැකසීම), ව්‍යවසායකත්වය හා කළමනාකරණය මෙම විෂයේ අන්තර්ගතයන් වේ.අදාළ රූපය

ලිඛිත විභාගයට ලකුණු 75 ක් එහිදී හිමිවන අතර විෂයයන් සදහා වූ සෙසු ලකුණු 25 ලබාදෙනුයේ ප‍්‍රායෝගික පරීක්ෂණ සදහා වේ. 

ජෛව පද්ධති තාක්ෂණය
ජෛව පද්ධති තාක්ෂණය විෂය යටතේ,

කෘෂිකර්මය, පශු තාක්ෂණය, ආහාර තාක්ෂණය,පසු අස්වනු තාක්ෂණය යන ආදී සංචරක වේ. ජෛව පද්ධිති තාක්ෂණය හැඳින්වීම, ජල විද්‍යාව හා කාලගුණ විද්‍යාව, පාංශු ජල සම්බන්ධතා, ආහාර ආරක්ෂණය හා රෙගුලාසි, පසු අස්වනු තාක්ෂණය, ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම, ජලයේ ගුණාංග, ආහාර නිෂ්පාදනය, සත්ත්ව නිෂ්පාදන තාක්ෂණවේදය, පැළෑටි සංරක්ෂණය, ජලය පොම්ප කිරීම, බිම් මැනීම, ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා ජෛව පද්ධති සඳහා ඒවායේ භාවිතය,ව්‍යාපෘති යන කොටස් මෙම විෂය යටතේ ඉගැන්වෙනවා.අදාළ රූපය ලිඛිත විභාගයට ලකුණු 75 ක් එහිදී හිමිවන අතර විෂයයන් සදහා වූ සෙසු ලකුණු 25 ලබාදෙනුයේ ප‍්‍රායෝගික පරීක්ෂණ සදහා වේ.

සිසුන් සඳහා,

  • විශ්වවිද්‍යාල 13 ක  පාඨමාලා 28 ක් සඳහා,  2016 වර්ෂයේ සිට සිසුන් (………….) කට ප්‍රවේශවීමේ  අවස්ථාව ලැබීම. එමගින් B.Sc. (Technology) උපාධිය පිරිනැමේ.
  • දිවයිනේ ආරම්භ වන විශ්වවිද්‍යාල විද්‍යායතන (University College) 25 ට ප්‍රවේශවීමේ හැකියාව
  • G.N.N.Q.III පියවරේ සහතිකය හිමිවීම හා නිපුණතා ශිල්පියෙකු ලෙස පාසලින් පිටවීමට හැකිවීම.
  • රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් B – Tech උපාධිය ලබාගැනීමට හැකි වීම.

මෙහිදී උසස් පෙල සමත් වීම පමණක්, සිසුවාට NVQ3 සහතිකය ලබා ගැනීමට ප්‍රමාණවත් වීමද මෙම විෂය ධාරාවේ ඇති තවත් එක් විශේෂත්වයකි.

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය.

ඉංජිනේරු තාක්ෂණවේදයට හා ජෛවපද්ධති තාක්ෂණවේදයට අයත් විශ්වවිද්‍යාල පාඨමාලා ලැයිස්තුව.

ඉංජිනේරු තාක්ෂණවේදයට,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

කැළණිය විශ්වවිද්‍යාලය

යාපනය විශ්වවිද්‍යාලය

රුහුණ විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

ජෛව පද්ධති තාක්ෂණවේදයට,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

යාපනය විශ්වවිද්‍යාලය

නැගෙනහිර විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය


*

Post a Comment (0)
Previous Post Next Post