කපරාරු කිරීමේ ප්‍රධාන අරමුණු ලෙස ,
1. බිත්ති ඉදි කිරීමේදී ඇතිවන දෝශ අවම කිරීම
2. ගොඩනැගිලිවල ආයුකාලය වැඩි කිරීම
3. දූවිලි බැඳීම වැලැක්වීම
හැඳින්විය හැක.
කපරාරුවක තිබිය යුතු මූලික ගුණාංග ලෙස
1. මෘදු විය යුතුයි.
2. ශබ්ද තරංග රඳවා තබා ගත හැකි විය යුතුයි.
3. උශ්ණත්ව වෙනස්වීම්වලට ඔරොත්තු දිය යුතුයි .
කපරාරුවක ඇති විය හැකි දෝශ ලෙස
1. ඉරිතැලීම
2. කඩා හැලීම
3.හුණු දිය ගැසීම නිසා සිදුවන බුබුලු නැගීම
හැඳින්විය හැක.
කපරාරු කිරීමේ ක්‍රමවේදය
1. පෘශ්ඨය පිරිසිදු කිරීම හා ලණු කොස්ස ආදාරයෙන් පෘශ්ඨය තෙමා ගැනීම.
2. අවශ්‍ය ඝනකමට පෘශ්ඨය ඉහල සිට පහලට ලඹය ආදාරයෙන් ලඹ කර කැට තබා ගැනීම.
3. කැට එකිනෙක යා කර මට්ටම් ලීය ආධාරයෙන් පෘශ්ඨය සුමට කිරීම.
4. මාල වලින් ආවරණය වූ පෘශ්ඨය බදාම පුරවා මට්ටම් කොට නැවත අඩු තැන් පුරවා මට්ටම් කිරීම
5. මනිස් ලෑල්ල හා හැන්ද මගින් පෘශ්ඨය සුමට කිරීම